නැවතත් වේගයෙන් පැතිරයන ඔමික්‍රොන් (Video)
Thursday, 04 August 2022 - 7:50 | Views - 976
රට පුරා නව ඔමික්‍රෝන් ආසාදිත රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ, හේතුවෙන් අවුරුදු 60ට වැඩි නිධන්ගත රෝග සහිත පුද්ගලයන් අතිරේක එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කළ යුතු බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගීගනගේ සඳහන් කළේ, වඳුරු උණ වසංගතයට මුහුණ දීම සඳහා ද මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ සූදානමින් පසු වන බව යි.

ඊයේ (03) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 122ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එමෙන්ම පෙරේ දා සිදු වූ කොවඩි මරණ 8ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු සහ එක් කාත්තාවක්.

මේ අතර, පසුගිය සතිය පුරා මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතුරින් බහුතරයක් අවුරුදු 60ට වැඩි නිධන්ගත රෝග සහිත පුද්ගලයන් බව යි සෞඛ්‍ය අංශ පෙන්වා
දෙන්නේ.

මේ අතර ඉදිරියේ දී රට තුළ කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර ඇතුළත් නිවේදනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top