ජෝශප් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීමට සියලු කටයුතු සුදානම් - සමන් රත්නප්‍රිය
Thursday, 04 August 2022 - 7:39 | Views - 1,913
අගෝස්තු තුන් වැනි දා අත් අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැ යි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

ඔහු සඳහන් කළේ, තමන් මැදිහත් වී එම පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කර ඇති බවත් ය.

ජෝසෆ් ස්ටාලින්ට මේ මොහොතේ පොලිස් ඇප ලබා දී වරදක් සිදු වී ඇති නම් අධිකරණය වෙත ඉදිපත් කර, ඒ මාර්ගයෙන් දඬුවම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුවත් කළ බව ද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර යි.

ස්ටාලින් වෙනුවෙන් ඕනෑ ම අවස්ථාවක ජනාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටින බව ද ඔහු අවධාරණය කරනවා.

කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසිනු යි ඊයේ (03) පස්වරුවේ ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඉකුත් මැයි 28 වැනි දින අධිකරණ නියෝග නො තකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ටාලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළා. 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top