9 වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සැසිය (Video)
Wednesday, 03 August 2022 - 11:03 | Views - 573
නව වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ කෙරුණා.

ඊට අදාළ පෙරහුරුවක්ද ඊයේ පාර්ලිමේනතුවේ දී පැවැත්වුණු අතර ,අද උදෑසන 9.30ට ආරධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවුණු අතර, එහි දී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අනතුරුව කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාද පැමිණීම සිදුවුණා.

ඉන් අනතුරුවයි ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සිදුවුණු අතර,

නව සභා වාර ආරම්භය චාම් අයුරින් සංවිධාන කරන ලෙස ජනාධිපතිවරයා මීට පෙර දී තිබු උපදෙස් අනුව ඉතාමත් චාම් අයුරින් පාර්ලිමේන්තුවේ නව කටයුතු ආරම්භය සිදුවුණා.

ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නො පැවැත්වුණු අතර , ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනමා , ජාතික ධජය පමණක් එසවීම සිදුවුණා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසල දී ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවුණු අතර,අනතුරුව පැළඳුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා උදෑසන 10.25 තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව සභාගර්භයට පැමිණීම සිදුවුණා.

සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවා.

එමෙන්ම මෙම සියලු කටයුතු පහතින් සජීවීව නරඹන්න .....

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top