ඇමති කංචනගෙන් විශේෂ පණිවිඩයක්
Tuesday, 02 August 2022 - 15:54 | Views - 1,874
සෑම වාහනයක් ම ජාතික ඉන්ධන අවසර පත්‍ර පද්ධතියේ ලියාපදිංචි කළ යුතු බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ සඳහා ජංගම දුරකථන අංකයක්, හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍රය හෝ වාහන රියදුරුගේ හෝ වාහනයේ ඕනෑ ම පරිශීලකයෙකුගේ ව්‍යාපාර ලියාපදිංචි අංකයක් භාවිත කළ හැකි බව යි අමාත්‍යවරයා පවසන්නේ.
ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
අගෝස්තු 12 වනදා සිට, වාහන කිහිපයක් ඇති රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාර හෝ ඔවුන්ට පවරා ඇති කේතයකින් සහ ඔවුන්ගේ සියලු ම වාහන සඳහා එක් නිශ්චිත ජංගම දුරකථන අංකයකින් ලියාපදිංචි වීමට හැකි බව සඳහන්.
එසේ කරන විට ලබාගත් තාවකාලික QR මකා දැමිය යුතු බව ද කංචන විජේසේකර පවසනවා.
Share This Article