ඇසළ පෙරහැර නැරඹීමට වැසි නොතකා විශාල ජනකායක්
Tuesday, 02 August 2022 - 15:26 | Views - 341
මේ වන විට දිවයින තුළ සක්‍රීයව පවතින මෝසම් වර්ෂාව නොතකා සෙංකඩගලපුර ඇසළ පෙරහර නැරඹීමට අද පෙරවරුවේ සිටම ජනතාව එක් රොක් වන අයුරු දැක ගන්නට ලැබුණා.
මේ වන විටත් මහනුවර නගරය අවට පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
කෙසේ වෙතත් දළදා වීදිය සහ යටිනුවර වීදිය දෙපස මේ වන විටත් ජනතාව එක් රොක් වෙමින් පවතින බවයි අප මහනුවර වාර්තාකරු සඳහන් කළේ.
අද ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර පැවැත්වීමට නියමිතයි.
Share This Article