අද ඩොලරයේ අගය
Tuesday, 02 August 2022 - 14:31 | Views - 4,398
පසුගිය සිකුරාදා (ජූලි 29) හා සැසඳීමේ දී ඊයේ දිනයේදී විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.මහා බැංකුව ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන පරිදි එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 368. 50 ලෙස දැක්වුණු අතර එය පසුගිය සතියේ රු. 368.41 ලෙස ගෙන බලන විට සුළු වශයෙන් පහල යාමක් බව සඳහන්.එසේම, යුරෝ සහ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව ද රුපියල අවප්රමාණය වී ඇති අතර විකුණුම් මිල රු. 378.55 සහ රු. 450.69, ලෙස පිළිවෙලින් සඳහන් වුණා. බහරේන් සහ කුවේට් ඩිනාර්වල විකුණුම් මිල ද පසුගිය සිකුරාදාට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් , ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක්ම , අද (02) අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 369 ලෙසත්, ගැනුම් මිල රුපියල් 357 ලෙසත් සඳහන් වුණා.
Share This Article