QR - ක්‍රමවේදයට ඉන්ධන බෙදීම අද දිවයින පුරා
Tuesday, 02 August 2022 - 14:01 | Views - 492
කිව් ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරීම මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1190ක සිදු වනවා.

අක්‍රමිකතා මැඩපැවැත්වීමට සහ ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීමේ අරමුණින් කිව්.ආර් ක්‍රමවේදය ඊයේ සිට දිවයින පුරා ආරම්භ වුණා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කිව්.ආර් ක්‍රමවේදය යටතේ ඊයේ සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී පිරවුම්හල් 820ක ඉන්ධන බෙදා හැර ඇති බව යි.

ඊයේ දිනය තුළ පමණක් රථ වාහන 457,360ක් සඳහා ඉන්ධන ලීටර් 3,850,615යි දශම 9යි 3ක් ක්‍රමවේදය යටතේ ලබාදීමට පියවර ගෙන ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ හිමියන් පවසන්නේ, තමන්ට සතියක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර, තඹුත්තේගම ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන්ට බැණවැදී පහර දුන් 32 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර නීති විරෝධි ලෙස ඩීසල් ලීටර 2740ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු කන්තලේ 87 ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මහනුවර ප්‍රදේශයේදී පෙට්‍රල් ලීටර් 125ක් වැඩි මිලට අලෙවි කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top