බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අද
Tuesday, 02 August 2022 - 13:39 | Views - 519
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල පමණක් සංශෝධනය කෙරුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 430ක්.

කෙසේ වෙතත්, ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉන්ධන මිල සියයට 4කින් පමණ අඩු විය යුතු අතර, ඒ අනුව ගාස්තු සංශෝධනය කළ හැකි ද යන්න අධ්‍යයනය කර අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව යි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියේ.

ඩීසල් ලීටරයක මිල සියයට 20කින් පමණ අඩු කිරීම හේතුවෙන් පසුගිය මස 20 වන දා බස් ගාස්තුව සියයට 2යි දශම 2යි 3කින් පහත දැමුවා.

එහි දී රුපියල් 40ක් ව පැවති අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා සංශෝධනය කිරීමට යි ජාතික ගමනාගමන කොමිසම පියවර ගනු ලැබුවේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top