බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අද
Tuesday, 02 August 2022 - 13:39 | Views - 520
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත දැමීමත් සමග බස් ගාස්තු සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රියේ 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල පමණක් සංශෝධනය කෙරුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 430ක්.
කෙසේ වෙතත්, ගාස්තු සංශෝධනය කිරීම සඳහා ඉන්ධන මිල සියයට 4කින් පමණ අඩු විය යුතු අතර, ඒ අනුව ගාස්තු සංශෝධනය කළ හැකි ද යන්න අධ්‍යයනය කර අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව යි ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියේ.
ඩීසල් ලීටරයක මිල සියයට 20කින් පමණ අඩු කිරීම හේතුවෙන් පසුගිය මස 20 වන දා බස් ගාස්තුව සියයට 2යි දශම 2යි 3කින් පහත දැමුවා.
එහි දී රුපියල් 40ක් ව පැවති අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා සංශෝධනය කිරීමට යි ජාතික ගමනාගමන කොමිසම පියවර ගනු ලැබුවේ.
Share This Article