දිස්ත්‍රික්ක දෙකක් යා කළ පාලමක් අධික වැස්සෙන් විනාශ වෙයි (Video)
Tuesday, 02 August 2022 - 12:58 | Views - 533
ඊයේ (01) අලුයම් කාලයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් දිස්ත්‍රික්ක දෙකක් යා කළ පාලමකට දැඩි හානි වී තිබෙනවා.

මෙලෙස හානි වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් මායිමේ පිහිටි දොරුවාදෙණිය ගම්මානය හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි පත්තුනුපිටිය යන ගම්මාන යා කරමින් ඉදිව තිබූ දොරුවාදෙණිය වැල් පාළමයි.

මෙම පාලම හරහා දෛනිකව පවුල් අටසිය පනහක පමණ සාමාජිකයන් එහා මෙහා ‍යන අතර දොරුවාදෙණිය ගම්මානයේ පාසල් දරුවන් ඇතුළු ගම්වාසීන් බහුතරයක් නාවලපිටිය නගරය සඳහා ගමන් කිරීම සඳහා භාවිත කර ඇත්තේ මෙම පාලමයි.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම පාලම අධික වර්ෂාව සහිත කාලවලදී දැඩි අවධානමට ලක් විය හැකි බැවින් ඒ සඳහා විසදුම් ලබා දෙන ලෙස කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට, ප්‍රාදේශීය සභාවට හා ප්‍රාදේශිය තලයේ දේශපාලකයන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්ට දැනුම් දී තිබුණත්, ඔවුන්ගේ නිහඬ බව මෙම විනාශයට එක් හේතුවක් බවයි.

කෙසේ නමුත් මෙම පාලම විනාශ වීම හේතුවෙන් එම ගම්මානයේ ජනතාවට තම අවශ්‍යතා සඳහා නාවලපිටිය නගරයට යාමට කිලෝමීටර තුනක පමණ දුරක් ගෙවා ගෙන යාමට සිදු වනවා.

මෙම ගම්මානයේ සිට නාවලපිටිය නගරය සඳහා බස් රථයක්වත් නොමැති පසුබිමක මෙම පාලම විනාශය අදාළ ගම්මානයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top