දිස්ත්‍රික්ක දෙකක් යා කළ පාලමක් අධික වැස්සෙන් විනාශ වෙයි (Video)
Tuesday, 02 August 2022 - 12:58 | Views - 534

ඊයේ (01) අලුයම් කාලයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් දිස්ත්‍රික්ක දෙකක් යා කළ පාලමකට දැඩි හානි වී තිබෙනවා.
මෙලෙස හානි වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් මායිමේ පිහිටි දොරුවාදෙණිය ගම්මානය හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි පත්තුනුපිටිය යන ගම්මාන යා කරමින් ඉදිව තිබූ දොරුවාදෙණිය වැල් පාළමයි.
මෙම පාලම හරහා දෛනිකව පවුල් අටසිය පනහක පමණ සාමාජිකයන් එහා මෙහා යන අතර දොරුවාදෙණිය ගම්මානයේ පාසල් දරුවන් ඇතුළු ගම්වාසීන් බහුතරයක් නාවලපිටිය නගරය සඳහා ගමන් කිරීම සඳහා භාවිත කර ඇත්තේ මෙම පාලමයි.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම පාලම අධික වර්ෂාව සහිත කාලවලදී දැඩි අවධානමට ලක් විය හැකි බැවින් ඒ සඳහා විසදුම් ලබා දෙන ලෙස කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, ප්‍රාදේශීය සභාවට හා ප්‍රාදේශිය තලයේ දේශපාලකයන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්ට දැනුම් දී තිබුණත්, ඔවුන්ගේ නිහඬ බව මෙම විනාශයට එක් හේතුවක් බවයි.
කෙසේ නමුත් මෙම පාලම විනාශ වීම හේතුවෙන් එම ගම්මානයේ ජනතාවට තම අවශ්‍යතා සඳහා නාවලපිටිය නගරයට යාමට කිලෝමීටර තුනක පමණ දුරක් ගෙවා ගෙන යාමට සිදු වනවා.
මෙම ගම්මානයේ සිට නාවලපිටිය නගරය සඳහා බස් රථයක්වත් නොමැති පසුබිමක මෙම පාලම විනාශය අදාළ ගම්මානයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.
Share This Article