රජයේ සිකුරාදා නිවාඩුව වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරෙයි
Tuesday, 02 August 2022 - 11:10 | Views - 2,588
පවතින ඉන්ධන හිඟය මත රාජ්‍ය අංශයේ සේවකයන්ට සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ගැටලුවක් බවට පත් ව තිබීම හේතුවෙන් හා ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වීම සඳහා රජයේ ආයතන සිකුරා දා දිනවල විවෘත නිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
ඒ, 2022 - 06 - 12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යි.
ඒ අනුව, එම උපදෙස් සහිත ව මාස 03ක් සඳහා වලංගු වන ලෙස චක්‍රලේඛයක් ද නිකුත් කෙරුණා.
නමුත් මේ වන විට පොදු ප්‍රවාහනය යථාවත් වෙමින් පවතින බැවින් ඉහත චක්‍රලේඛය වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීම පිණිස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
Share This Article