ආපදාවෙන් සිදු වූ මරණ 3 දක්වා ඉහළට
Tuesday, 02 August 2022 - 10:44 | Views - 381
ඇතැම් පළාත්වලට ඇඳහැලෙන වර්ෂාවත් සමඟ සිදු වූ ආපදාවලින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂය පත් වී තිබෙනවා.
මස්කෙලිය - නෝටන් බි්‍රජ් - ටැප්ලෝ ප්‍රදේශයේ දී අද උදෑසන නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා 39 හැවිරිදි වියේ පසු වන අතර පස් කන්ද කඩා වැටීම හේතුවෙන් නිවාස දෙකෙහි සිටි පුද්ගලයින් 17 දෙනෙකු ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.
මේ වන විට අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තවත් 3 දෙනෙකු අතුරුදන් වුණා.
Share This Article