සහල් ආනයනය අත්හිටුවෙයි ද ? නව කමිටුවකුත් පත්වෙයි
Tuesday, 02 August 2022 - 10:03 | Views - 662
සහල් ආනයනය කිරීම තාවකාලික ව අත්හිටුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එම කමිටුවට කෘෂිකර්ම හා වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ද ඇතුළත්.
මීට අමතර ව යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදා ගැනීමට තීරණය කළ බව යි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article