රතිඳු සේනාරත්න (රැට්ටා) කොම්පඤ්ඤවීදිය පොලිස් භාරයට
Tuesday, 02 August 2022 - 9:51 | Views - 378
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලයට සම්බන්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඉදිරි විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.රතිඳු සේනාරත්න සහ ඩිලාන් සේනානායක ඊයේ (01) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණා.ඒ, එම කොට්ඨාසය කළ කැඳවීමකට අනුව යි.එහි දී ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරු ව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ අත්අඩංගුවට ගනු ලැබුවා.පොලිසිය සඳහන් කළේ ඉකුත් මැයි මස 21 වනදා බැංකු මාවත ප්‍රදේශයේ දී පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියකට ඔහු අත්අඩංගුවට ගත් බවයි.එමෙන්ම ඊයේ රැට්ටා ඇතුළු තුන්දෙනෙකුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.
Share This Article