තව දුරටත් වැසි සහ සුළං
Tuesday, 02 August 2022 - 6:56 | Views - 798
නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමත් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කරනවා.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි යි.උතුරු, මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති වනු ඇති.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි විය හැකි බව යි නිවේදනය වන්නේ.මේ අතර, නාවලපිටිය - කැටබුලාව ප්‍රදේශයේ දී සැඩ පහරකට හසු වූ කාන්තාවක ඇතුළු 3 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.
Share This Article