ධනීෂ් අලි - රිමාන්ඩ්
Monday, 01 August 2022 - 14:01 | Views - 1,004
ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධ බවට සැකකෙරෙන ධානිෂ් අලි නමැත්තා මේ මස 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එදිනට මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ දැනුම් දුන්නේ.

නඩුව අද පෙරවරුවේ මුලින්ම කැඳවූ අවස්ථාවේදී සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

ඒ අනුව සැකකරු හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට රැගෙනවිත් තිබුණා.

ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ 31 හැවිරිදි කුරුණෑගල - වෑබඩ ප්‍රදේශයේ පදිංචි ධානීෂ් අලි නමැත්තා පසුගිය 26 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ විදෙස් ගතවීමට උත්සහ කළ අවස්ථාවේදියි. 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top