අදත් ඝාතන දෙකක්
Monday, 01 August 2022 - 13:38 | Views - 438
ප්රදේශ දෙකක සිදුවූ ඝාතනවලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගල්කිස්ස - බඩෝවිට ප්රදේශයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු අද අලුයම මියගියා.ඒ, ඔහු සහ තවත් කිහිපදෙනෙකු සූදු ක්රීඩාවේ යෙදී සිටියදී ඇතිවූ මුදල් අරවුලක් හේතුවෙන්.එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ප්රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.එමෙන්ම පවුල් ආරවුලක් හේතුවෙන් වවුනියාව - ආරච්චිපුරම් ප්රදේශයේදී ද 30 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
Share This Article