නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අගෝස්තු 03 වැනිදා
Monday, 01 August 2022 - 13:10 | Views - 4,467

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අගෝස්තු 03 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
දෙවැනි සභාවාරය පසුගිය (28) දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය (28) වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ලබන අගෝස්තු 03 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
එමෙන් ම , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේ දී ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමිවෙනු ඇති.
එසේම, පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි.
තවද, පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබද කාරක සභාව හා විශේෂ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතු වනවා.
එසේම , නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වා පැවති අතර මෙම කාලසීමාව තුළ පාර්ලිමේන්තුව දින 48 ක් රැස් වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙවර 9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අනිද්දා උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළා.
ඊට අදාළ පෙරහුරුවක් හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
තුන්වන සභා වාරය සඳහා සියලු මන්ත්‍රිවරුන්ට සහභාගි වන ලෙස මහලේකම්වරයා දැනුම්දී තිබෙනවා.
අනිද්දා පෙරවරු 10.30ට ආරම්භ වන නව සභා වාරයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ සිටිය යුතු බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.
එමෙන්ම ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පිවිස ඝනපූරණ සීනුව නාද කරන තෙක් රැඳී සිටිය යුතු වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරවරු 9.55 ට පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශ දොරටුවට පැමිණීමෙන් පසු කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් විසින් පිළිගැනීමෙන් අනතුරුව සභාවට කැඳවාගෙන යනු ලබනවා.
එහිදී කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ කාර්යාලයට කැඳවාගෙන යාමට නියමිතයි.
එදින පෙරවරු 10.25 ට ඝනපූරණ සීනුව නාද කිරීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් සභාවේ අසුන් ගත යුතු වනවා.
එහිදී ජනාධිපතිවරයා නවවන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ මංගල රැස්වීම ආරම්භ කිරීම සඳහා මූලාසනයේ අසුන් ගැනීමට නියමිතයි. අනතුරුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ සහ පාර්ලිමේන්තුව රැස්වීමේ ප්‍රකාශනය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ලබනවා.
පසුව ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව අගෝස්තු 9 වනදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට ද නියමිතයි.
Share This Article