නීතිවිරෝධීව විදෙස්ගතවීමට තැත් කළ පිරිසක් අත්අඩංගුවට
Monday, 01 August 2022 - 10:19 | Views - 1,366
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදෙස්ගතවීමට සූදානමින් සිටි පනහකට ආසන්න පිරිසක් වෙන්නප්පුව - කොලින්ජාඩිය ප්රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.අද (01) අලුයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයකින් සහ වෑන් රථයකින් ගමන් කරමින් සිටින අතරතුරයි.මොවුන් ප්රංශයට සංක්රමණය වීමට සැළසුම් කර තිබූ බව ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබෙනවා.අත්අඩංගුවට ගත් පිරිස අතර, කාන්තාවන් හයදෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකු ද වන බවයි පොලිසිය සඳහන් කළේ.මොවුන් හලාවත, මාරවිල, මඩකලපුව, ත්රිකුණාමලය සහ වවුනියාව යන ප්රදේශවල පදිංචිකරුවන්.
Share This Article