තවත් මළසිරුරක් ගෝල්ෆේස් වෙත ගොඩගසයි
Monday, 01 August 2022 - 9:57 | Views - 751
අද (01) පෙරවරුවේ නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පමණ පිරිමි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
මීට දින කිහිපයකට ඉහතදී ද තරුණයෙකුගේ මළසිරුරක් ගෝල්ෆේස් වෙරළ තීරය වෙත ගොඩගසා තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article