ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි
Monday, 01 August 2022 - 9:35 | Views - 395
ඉන්දියාවෙන් වාර්තා වන පළමු වඳුරු උණ ආසාදිත (මන්කිපොක්ස්) මරණය වාර්තා වී තිබෙනවා.

ඒ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ දියි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවෙන් මේ වනවිට වඳුරු උණ ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති අතර, එහි විශේෂත්වය වන්නේ ඉන් තිදෙනෙකුම කේරළ ප්‍රාන්තයේ වැසියන්.

මියගිය තරුණයා දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර, ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ශරීර අපහසුතාව හේතුවෙන් රෝහල්ගත කෙරුණේ ජූලි 27 වැනි දිනයි.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපසු පැමිණ ඇති අතර වඳුරු උවදුර හා සම්බන්ධ බාහිර රෝග ලක්ෂණ කිසිවක් නොතිබුණි. ඔහු ජූලි 27 වන දින නගරයේ රෝහලකට ඇතුළත් කර ඇත.

මෙම තරුණයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී මෙම රෝගයට ගොදුරු වී ඇති බව දැනගන්නට ලැබී ඇති බවත්, ඔහු සත්‍යය තොරතුරු යටපත් කරමින් කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.

මියගිය පුද්ගලයා කේරළයේ ගුරුවායුර් අසල කුරන්ජියූර් හි පදිංචිකරුවෙක්.

කෙසේවෙතත් මෙම ආසාදිතයින් සම්බන්ධයෙන් ඉන්දියාවේ මේ වන විට ප්‍රාන්ත රජයේ වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සාමාජිකයින්ගෙන් යුත් මණ්ඩලයක් පත්කර තිබෙනවා.

ඒ වඳුරු උණ ආසාදනයෙන් මියයාමට ඉඩක් නොමැතිවීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ද ඔවුන් ඉල්ලා සිටිනවා.

ජූලි 22 දින ප්‍රකාශයට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල දත්තවලට අනුව, ජනවාරි 1 සිට ජූලි 22 දක්වා කාලය තුළ වඳුරු රෝගීන් 16,016 ක් පමණ තහවුරු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මෙම රෝගීන් රටවල් 75 ක් පුරා පැතිරී තිබුණ ද, මරණ පහක් පමණක් වාර්තා වුණා.

පසුගියදා අප්‍රිකාවෙන් පිටත පළමු මරණය වාර්තා වූයේ ස්පාඤ්ඤය සහ බ්‍රසීලයෙනුයි.

අප්‍රිකාවේ වාර්තා වූ මරණ අතර නයිජීරියාවෙන් (තුනක්) සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයෙන් දෙදෙනකු ද වනවා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top