අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
Monday, 01 August 2022 - 8:41 | Views - 379
අද (01) සිට නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ අද සිට ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article