ඉන්ධන නිකුත් කිරීම අද සිට කිව් ආර් ක්‍රමයට පමණයි
Monday, 01 August 2022 - 7:35 | Views - 520
ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර්. ක්‍රමවේදය අද (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා සතියක පමණ කාලයක් පවතින හෙයින් අද දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනිමට උත්සාහ නොකරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීමක් කළේ.

මේ අතර, ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර් ක්‍රමවේදය සඳහා ඊයේ (31) සිට වාහන ආදායම් බලපත්‍ර අංකයට අනුව ද ලියාපදිංචි විමේ හැකියාව හිමිව තිබෙනවා.

ඒ අනුව වාහනයේ චැසි අංකයෙන් කිව් ආර් ක්‍රමවේදයට ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට මෙලෙස ආදායම් බලපත්‍රයෙන් ලියාපදිංචියට අවස්ථාව හිමිවනවා.

මේ වනවිට කිව් ආර් ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 4,691,149 ක්. එයින් රථ වාහන 4,159,367 ක් පෙට්‍රල් වාහන වන අතර, 532,571 ක් ඩීසල් වාහන වනවා.

මේ අතර, සියලුම ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නම ඉන්ධන පිරවුම්හල නම් කර ලබාදිය යුතුයි.

ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ලබනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top