සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටී - අයෙක් මිය යයි
Friday, 29 July 2022 - 11:16 | Views - 249
ඊයේ(28) පස්වරුවේ වැල්ලවත්ත ප්රදේශයේ දී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙම අනතුරට මුහුණ දී ඇත්තේ එක ම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් වන අතර ඔවුන් උඩුපුස්සැල්ලාව ප්රදේශයේ පදිංචිකාරිණියන් වනවා.අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක්.කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ මෙම කාන්තාවන් දෙදෙනා ගැටී තිබෙන අතර එක් තරුණියක් මේ වන විටත් රෝහල් ගතව ප්රතිකාර ලබනවා.
Share This Article