"ලක්ෂ 60ක් බූස්ටර් එන්නත ලබා ගෙන නැහැ!" - සෞඛ්‍ය අංශ
Friday, 29 July 2022 - 10:03 | Views - 246
මෙරට අවුරුදු 20ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම යළිත් ඉහළ යාම හමුවේ බුස්ටර් එන්නත ලබා නො ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.

මන්ද කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකක් පමණක් ලබා සිටින පුද්ගලයන්ගේ වෛරසය සඳහා මුහුණ දීමට පවතින ප්‍රතිශක්ති මට්ටම් හීන වෙමින් පවතින බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එසේ ම මේ බූස්ටර් එන්නත ලබා දිය හැකි ෆයිසර් එන්නත් රජයේ සෞඛ්‍ය ගබඩා තුළ පවතින බව ද වෛද්‍යවරයා සඳහන් කරනවා.

එසේ ම බූස්ටර් එන්නත ලබා දීමේ දී කිසිදු එන්නත් හිඟයක් නොමැති බැවින් බූස්ටර් එන්නත ලබා නොගත් පිරිස් අදාළ එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කඩිනමින් යොමු වන ලෙසයි වෛද්‍යවරයා ප්‍රකාශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව ද අදාළ එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා රෝහල්වලින් ලබා ගැනීමට හැකියාව ඇතැයි ද ඔහු පවසනවා.

මේ අතර කොවිඩ් ආසාදිතයින් 131 දෙනෙකු ඊයේ (28) මෙරටින් හඳුනා ගෙන තිබෙන අතර ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 665,379ක් දක්වා ඉහළ ගියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top