පැතුම් කර්නර් අද අධිකරණයට
Friday, 29 July 2022 - 8:55 | Views - 241
පසුගිය 13 වනදා බත්තරමුල්ල - පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බවට චෝදනා එල්ල වූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා ද, ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ අතර, ගාලු මුවදොර අරගලයට එක්ව සිටි කළු තොප්පි ව්‍යාපාරය නම් සංවිධානය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ගාලු මුවදොර අරගලයට ඔවුන්ගේ දායකත්වය අවසන් කරන බවයි.

දැන් අරගලය ඇත්තේ ගාලු මුවදොර කුඩා බිම්කඩක නොව පුළුල් දේශපාලන අවකාශයක බවත්, ගාලු මුවදොර අරගලයෙන් සංකේතීය ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති නිසා තවදුරටත් එහි සිට කළ හැකි අරගලයක් නොමැති බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top