මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද
Friday, 29 July 2022 - 8:35 | Views - 217
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සටහන් කරමින් සතර මහා දේවාලවල කප් සිටුවීම අද (29) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා.ඊයේ අලුයම් කාලයේදී අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් කප රැගත් පෙරහර ගමන් ආරම්භ කළ අතර, එය වැඩම කරවනු ලැබුවේ මියන් රාජා හස්තියා විසින්.මෙවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අගෝස්තු 02 වැනිදා ආරම්භ වනවා.රන්දෝලි පෙරහර අගෝස්තු 07 ඇරඹෙන අතර, අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 11 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.
Share This Article