මාසික විදුලි බිල්පත - විද්යුත් තැපෑලෙන්
Thursday, 28 July 2022 - 13:29 | Views - 1,460

මාසික විදුලි බිල්පත් විද්යුත් තැපෑල මගින් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතින බව විදුලිබල මණ්ඩලය ප්රකාශ කළා.
ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස ඊ - බිල් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.
එමෙන්ම කෙටි පණිවුඩ හරහා ද අදාළ ලියාපදිංචිය ලබා ගත හැකි වනවා.
ඒ අනුව, ඊ - බිල් හිස්තැනක් ගිණුම් අංකය හිස්තැනක් විද්යුත් ලිපිනය සටහන් කර 1987 ට කෙටි පණිවුඩ යොමුකළ යුතුයි.
මේ අතර, මෙම වසර සදහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම මේ වන විට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවත්වෙනවා.
එහි දී විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හා පුද්ගලයින් 50 දෙනෙකු වාචිකව අදහස් ඉදිරිපත් කිරීමට නියමිතයි.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව ලිඛිත යෝජනා 1500කට ආසන්න ප්රමාණයක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලැබී තිබුණා.
අද ඉදිරිපත් කෙරෙන චාචික යෝජනා සමාලෝචනය කිරීමෙන් පසු මහජන උපයෝගීතා කොමිසම අවසන් ගාස්තු සංශෝධනය ප්රකාශයට පත් කරනු ඇති.
යෝජිත සංශෝධනය මගින් ගෘහස්ථ අංශයේ මාසික පරිභෝජනය එකක 60ට වඩා අඩු පිරිසට සියයට 800කට වැඩි ගාස්තු ඉහල දැමීමක් විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණා.
Share This Article