මාසික විදුලි බිල්පත - විද්‍යුත් තැපෑලෙන්
Thursday, 28 July 2022 - 13:29 | Views - 1,461
මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑල මගින් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතින බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස ඊ - බිල් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.

එමෙන්ම කෙටි පණිවුඩ හරහා ද අදාළ ලියාපදිංචිය ලබා ගත හැකි වනවා.

ඒ අනුව, ඊ - බිල් හිස්තැනක් ගිණුම් අංකය හිස්තැනක් විද්‍යුත් ලිපිනය සටහන් කර 1987 ට කෙටි පණිවුඩ යොමුකළ යුතුයි. 

මේ අතර, මෙම වසර සදහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම මේ වන විට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වෙනවා.

එහි දී විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හා පුද්ගලයින් 50 දෙනෙකු වාචිකව අදහස් ඉදිරිපත් කිරීමට නියමිතයි.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව ලිඛිත යෝජනා 1500කට ආසන්න ප්‍රමාණයක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලැබී තිබුණා.

අද ඉදිරිපත් කෙරෙන චාචික යෝජනා සමාලෝචනය කිරීමෙන් පසු මහජන උපයෝගීතා කොමිසම අවසන් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරනු ඇති.

යෝජිත සංශෝධනය මගින් ගෘහස්ථ අංශයේ මාසික පරිභෝජනය එකක 60ට වඩා අඩු පිරිසට සියයට 800කට වැඩි ගාස්තු ඉහල දැමීමක් විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top