පෝලිමෙන් පිට තෙල් ගන්න - හය වතාවක් වෙස් මාරු කෙරූ ගැබිනි කතකට සිදු වූ දේ
Thursday, 28 July 2022 - 11:01 | Views - 1,270
කිරිඳිවැල නගරයේ ඉන්ධන හලක පෝලීමේ රැඳී නොසිට උපායශීලීව ඉන්ධන හලේ සේවකයන් ද රවටා ඉන්ධන ලබා ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුගේ වංචනික ක්‍රියාවන් හඳුනා ගැනීමට එම සේවකයන්ට හැකි වී තියෙනවා.

මෙසේ පැමිණි කාන්තාවන්ගෙන් එක් අයෙකු විවාහක ගැබිනි කාන්තාවක්. ඇය රෝහලට යෑමට අවශ්‍ය බව පවසා ඇය පැමිණි ත්‍රීරෝද රථයට ප්‍රමුඛතාව ගෙන ඉන්ධන ලබා ගෙන තියෙනවා. එදිනම ඇය විවිධ ආකාරයට ඇඳුම් මාරු කර රූප ස්වභාවය ද වෙනස් කොට 6වරක් පැමිණ ඇති අතර 6වැනි අවස්ථාවේ ඇය කෙරෙහි සැක කළ සේවකයන් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී එකම කාන්තාව බව හඳුනාගෙන තියෙනවා. එම අවස්ථාවේ ඉන්ධන පෝලිමේ රැඳී සිටි පිරිස ද ප්‍රකෝප ලෙස හැසිරී ඇයට දොස් නඟා ඇයට එතැනින් පිටවී යෑමට ඉඩදී තියෙනවා. ඇය මෙසේ පැමිණ තිබුණේ එක් අවස්ථාවකට ත්‍රීවීලර් හිමිකරු විසින් රුපියල් දහස බැගින් ලබා දෙන බවට එකඟතාවයට පැමිණි නිසා බව ද අනාවරණය වී තියෙනවා.

එමෙන්ම ඉන්ධනහලට පැමිණි තවත් කාන්තාවක ගැබිනි බවට පත් වී ඇති බවට හැඟවීමට බඩෙහි කොට්ට දෙකක් බැඳ ගෙන එසේ හඟවමින් ඉන්ධනහලට පැමිණ ඉන්ධන ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේ එක් කොට්ටයක් ගැලවී ඇති බවට හැඟී ඇති නිසා වංචාව හෙළිවීමට ප්‍රථම එම ස්ථානයෙන් පිටව යෑමට බොරුවක් කියමින් උත්සහ කිරීමේදී ඉන්ධන හලේ සේවකයන් ඇයට සහාය වීමට එම ස්ථානයට පැමිණ සහාය වීමට උත්සාහ කරන අවස්ථාවේ බඩෙහි බැඳ තිබූ කොට්ටයක් ගැලවී ඇති බව දැක ඇති අතර ඇයට පෝලිමේ සිටි ජනතාව ද දෝෂාරෝපණය කර ඇය ද හරවා යවා තියෙනවා. මෙම වංචනික ක්‍රියා හේතුවෙන් මින් ඉදිරියට එවැනි කිසිවෙකුට ඉන්ධන ලබා දීමට කටයුතු නොකරන බවත් සත්‍යතාවය හෙළිවුවහොත් පමණක් තමාගේ පෞද්ගලික වාහනයකින් ළඟම ඇති රෝහලට ගෙන යෑමට කටයුතු කරන බවත් බව එහි කළමනාකරු පැවසුවා. මෙම කාන්තාවන් දෙදෙනාම කිරිඳිවැලට ආසන්න ගම්මාන දෙකක පදිංචි අය බව ද හඳුනාගෙන තියෙනවා.

ජී.එස්.තැලිගම - කිරිඳිවැල සමූහ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top