බදුල්ලේ පිරවුම්හලක වෙඩි තැබීමක්
Thursday, 28 July 2022 - 10:36 | Views - 1,774
බදුල්ල - හිඳගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් තුළ කිසියම් පුද්ගලයෙකු විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ඊයේ (27) රාත්‍රී 11.30ට පමණ එම වෙඩි තැබීම සිදු කර ඇති බව යි වාර්තා වන්නේ.
ඉන්ධන පිරවුම්හලේ ඇති වූ ආරවුලක් මත ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ව බිය වැද්දීම සඳහා එම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
අදාළ වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු ව නොමැති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.
Share This Article