වේරංග පුෂ්පික - අද අධිකරණයට
Thursday, 28 July 2022 - 9:56 | Views - 545

ඊයේ (27) දහවල් කාලයේ දී කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මැයි මස 19 සහ ජුනි මස 09 වැනි දින කොළඹ කොටුව ප්‍රදේශයේ දී ද ජුනි මස 10 වැනි දින ඉසුරුපාය, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ද අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණ පැවැත්වීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, පොලිස් නිලධාරින්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපොළවලට හානි සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි ගාලු පාර - දොඩම්දූව ප්‍රදේශයේ පදිංචි ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා යන අයයි.
මෙම සැකකරු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සැකකරු රුහුණු විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කර ඇති බවත් දැනට මොහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවටත් අනාවරණ වී තිබෙනවා.
සැකකරු අද (28) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article