බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු යන පලාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලි මීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ ප්‍රදේශවලට වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක්ද පවතින බවයි.
ඒ අනුව අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.