ඉන්ධන සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචිය ඇරඹෙයි (Video)
Wednesday, 27 July 2022 - 15:06 | Views - 1,678
කිව්.ආර් ක්‍රමය හරහා ඉන්ධන ලබා ගැනීමට වාහන 4,096,824ක් අද (27) පෙරවරු 9 වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 299ක සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 34ක නව ක්‍රමය අත්හදා බලා ඇති බවයි.

ඒ අනුව, යතුරුපැදි 2,364,434 ක්, ත්‍රිරෝද රථ 723,022ක්,මෝටර් රථ 590,788ක් සහ වෑන් රථ 25,495 ක් ලියාපදිංචි වී තිබෙනවා.

ලොරි රථ 172,705 ක් සහ බස් රථ 27,337ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව සඳහන්.

මේ අතර, ඉන්ධන නිකුත් කිරීම සඳහා ත්‍රිරෝද රථ පොලිස් ස්ථානවල ලියාපදිංචි කිරීම අද ආරම්භ කෙරුණා.

ඒ අනුව ඔවුන්ට තෝරා ගත් ඉන්ධන පිරවුම්හලකින් ඉදිරියේදී ඉන්ධන ලබාදීම සිදුකෙරෙනු ඇති.

මේ අතර, අද දිනයේ අංක තහඩුවේ අවසන් අංකය 6, 7,8, සහ 9 සඳහන් රථ වාහන වලට ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරෙන අතර සෑම ඉන්ධනහලකම දිග පෝලිම් දක්නට ලැබෙනවා.

මේ අතර, සෑම පාරිභෝගිකයෙකුටම සමානව ඉන්ධන බෙදාදීම පිලිබඳ වන ඉදිරි සැලැස්ම ලබන 5 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බලශක්ති අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඊයේ සලකා බැලුණු අවස්ථාවේදීයි.

විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලුණා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top