හිස් වූ අසුනට වජිර අබේවර්ධන මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
Wednesday, 27 July 2022 - 10:12 | Views - 461
වජිර අබේවර්ධන අද(26) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයෙහි වජිර අබේවර්ධන දිවුරුම් දුන්නේ.

එසේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර‍යෙන් ඉවත් වන බවට පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන් ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
 
කෙසේ වෙතත්, දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ සභානායක ධූරය සදහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පත් කර තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, තවදුරටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ කටයුතු කරනු ඇති.

එමෙන්ම, හදිසි නීතිය අදාල යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීමෙන් අනතුරු ව සම්මත කර ගැනීමට ද නියමිත යි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top