ගෑස් නැවක් අද දිවයිනට
Wednesday, 27 July 2022 - 9:47 | Views - 2,412
ගෑස් මෙටි්‍රක් ටොන් 3,900ක් රැගත් තවත් නෞකාවක් අද දිනයේ දිවයිනට ළඟා වනවා.

ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ, දිවයිනට පැමිණ ඇති නෞකා දෙකක ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදු කරන බවයි.

එක් නෞකාවක් කොළඹ වරායෙන් සහ අනෙක් නෞකාව කෙරවලපිටිය ප්‍රදේශයෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර අද ගෑස් සිලින්ඩර 140,000 ක් වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත යි.

ඉන් ලක්ෂයක්ම කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් ගෑස් සිලින්ඩර බවයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.

අද දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු කෙරෙනවා.

මේ අතර, පොල්ගහවෙල නගරයේ ඉන්ධන පිරවුම්හලේ සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙලෙස ඊයේ අත්අඩංගුවට ගත් පියා සහ පුතා අවුරුදු 50 සහ 23 යන වයස්වල පසු වන පොල්ගහවෙල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top