ලබන මාසයේ මැදින් පසුව ඉන්ධන මිලදී ගැනීම අවදානමක - මහ බැංකු අධිපති (Video)
Tuesday, 26 July 2022 - 14:53 | Views - 1,954

ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ලබන මස ආරම්භය දක්වා ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන
මිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින්.
එහි දී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, මාසයකට ඉන්ධන සඳහා වැය වන වියදම ඩොලර් මිලියන 550ක් පමණ වන බවත්, වාහන සඳහා අවශ්‍ය වන වියදම ඩොලර් මිලියන 350 - 400ක් අතර ප්‍රමාණයක් වන බවත්, ඒ සඳහා අවශය මුදල් සංචිත ලබා ගැනීම සඳහා ඉන්දියාවේ හෝ වෙනත් විදේශ රටකින් ලබා ගැනීමට වන බවත්, නමුත් මේ මොහොතේ එවැනි මූල්‍ය ණයක් ලබා ගැනීම අපහසු බවයි.
කෙසේ වෙතත් ලබන මාසයේ මැද වන වන තුරු පමණක් හිඟ ඇතිව හෝ ජනතාවට ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් මහබැංකු අධිපතිවරයා මෙහි දී පවසා සිටියා.
යම් හෙයකින් ඉන්දියාව, චීනය හෝ වෙනත් රටක් ඩොලර් බිලියනයක් පමණ ලබා දුන්නොත් අඩු ම තරමින් මාස තුනක් පමණ ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දිය හැකි බවත්, එසේ නොවුණහොත් ඉන්ධන අර්බුදය දිගටම පැවතිය හැකි බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණහොත් මේ ගැටලුව යම් පමණකින් හෝ විසඳීමට හැකි වන බව ද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.
එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩ පිළිවෙල ස්ථාවර මට්ටමකට පැමිණිය හොත් පමණක් වෙනත් විදේශ රටවල් ද මූල්‍ය උපකාර කිරීමට කටයුතු කරාවි යනුවෙන් ද ඔහු කියා සිටියා.
කෙසේ නමුත් ඉන්දියාව පමණක් එවැනි කොන්දේසිවලින් තොරව මූල්‍යාධාර ලබා දීමට කටයුතු කළා යැයි ද මහබැංකු අධිපතිවරයා වැඩසටහනේ දී කියා සිටියා.
Share This Article