ජනපති රනිල්ගෙන් ඇමතිවරුන්ට දැඩි තීරණයක්
Tuesday, 26 July 2022 - 13:49 | Views - 1,495
රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා සම කැබිනට් ප්‍රකාශකවරු පත් නො කරන බවත් ඒ වෙනුවට අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ම අදාළ තීන්දු තීරණ මහජනතාවට දැනුම්වත් කිරීම සඳහා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට අනිවාර්යයෙන් ම සහභාගි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව කැබිනට් මණ්ඩලයට කිසියම් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන අමාත්‍යවරයා විසින් ඊට පසු එළඹෙන කැබිනට් තීරණ දැනුම් දීමේ දී එකී කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් තීන්දු තීරණ දැනුම් දිය යුතු වනවා.

මීට අමතරව විපක්ෂයේ සහ මජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා සියලු ම අමාත්‍යවරුන් අනිවාර් යයෙන් ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, අමාත්‍යවරුන්ට යොමු වන ප්‍රශ්න සඳහා පිළිතුරු දිය යුත්තේ සභා නායකවරයා නොව විෂය භාර අමාත්‍යවරයා ම පමණක් බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් වෙත දැනුම් දී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ දී ප්‍රකාශ කළා.

ඒ අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට අනුව එකී ක්‍රියාව සිදු වීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top