තවත් පෝලිම් මරණයක්
Tuesday, 26 July 2022 - 13:22 | Views - 639
මාතලේ ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා මෝටර් රථයක රැඳී සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව යි.
ඔහුගේ මෝටර් රථය ඉදිරිපස තිබූ රථයෙහි හදිසියේ ගැටීමත් සමග සිදු කළ සොයා බැලීමක දී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණ වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article