ඉන්ධන ලබා ගැනීමේ දී දැනගත යුතුම කරුණු පහක්
Tuesday, 26 July 2022 - 11:08 | Views - 1,704
ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා චැසි අංකය අනුව ලියාපදිංචි වීමට නො හැකි වූ වාහන සඳහා සිකුරාදා සිට ආදායම් බලපත්‍රය අනුව ලියාපදිංචි වීමට අවසර දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමයට අදාළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ලියාපදිංචිය සඳහා වෙන ම ඉන්ධන පිරවුම්හල් වෙන් කරන බව ද අමාත්‍යවරයා එහි දී අවධාරණය කරනවා.

ඒ අනුව අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩවල දැක්වෙන ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හා සම්බන්ධ ප්‍රධාන යාවත්කාලීන කිරීම් 05 පහත දැක්වෙනවා.

  1. සියලුම ත්‍රිරෝද රථ භාවිතා කරන්නන්ගෙන් තම වාහන අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කර ජූලි 31 වැනිදාට පෙර නිශ්චිත ඉන්ධන පිරවුම්හලක් නම් කරන ලෙස දන්වා තිබෙනවා.
  2. අගෝස්තු 01 වැනිදා සිට ත්‍රිරෝද රථවලට තම ලියාපදිංචි ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ඉන්ධන ලබා ගැනීමට අවසර හිමිවේ.
  3. චැසි අංකයට අනුව ලියාපදිංචි විය නො හැකි වාහන භාවිතා කරන්නන්ට ජූලි 29 සිකුරාදා සිට තම ආදායම් බලපත්‍රය සමඟ ලියාපදිංචි විය හැකියි.
  4. 49CC යතුරුපැදි භාවිතා කරන්නන් තම බලපත්‍ර ලබා ගැනීමට සහ ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුයි.
  5. උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන්ගෙන් සතිපතා ඉන්ධන අවශ්‍යතා සමඟ තම අවශ්‍යතා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කරන ලෙසත්, අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා ඉන්ධන නිශ්චිත පිරවුම්හලක් නම් කරන ලෙසයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top