නව ජනපතිවරයාගේ මාධ්‍ය අංශයට නව පත්වීම්
Tuesday, 26 July 2022 - 10:46 | Views - 426
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක පත් කර තිබෙනවා.
අදාළ පත් කිරීම කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.
ඒ අනුව මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක විසින් ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුර භාරගෙන තිබෙනවා.
ඔහු මහරගම නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කරනවා.
මේ අතර ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න පත් කර තිබෙනවා.
මීට අමතරව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස මාධ්‍යවේදී කේෂාල් ජයසිංහ පත් කර තිබෙනවා.
Share This Article