සියලුම ත්‍රි රෝද රථ මේ මස අවසන් වීමට පෙර ලියාපදිංචි වීම අනිවාර්යයි
Tuesday, 26 July 2022 - 9:35 | Views - 5,224
ඉන්ධන ලබා දීමේ නව ක්‍රමවේදය යටතේ සියලුම ත්‍රි රෝද රථ මේ මස අවසන් වීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.ට්විටර් පණිව්ඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, ත්‍රි රෝද රථ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් ලියාපදිංචි විය යුතු බවයි.ඒ අනුව අගෝස්තු 1 වන දා සිට නිශ්චිත ඉන්ධන පිරවුම්හලකින් පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.එමෙන්ම ආදායම් බලපත්‍රයේ අංකය මත ඉන්ධන නිකුත් කිරීමේ ක්රමවේදයද එළඹෙන සිකුරාදා සිට ආරම්භ කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වෙනවා.


Share This Article