QR ක්‍රමවේදය අදත් ක්‍රියාත්මකයි
Tuesday, 26 July 2022 - 8:26 | Views - 1,145
කිව් ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද සිට දිවයින පුරා පිහිටි තෝරාගත් සිපෙට්කෝ සහ ලංකා අයිඕසී පිරවුම්හල්වලදී ක්‍රියාත්මක කිරීමට නියමිත යි.

කෙසේ වෙතත් අගොස්තු පළමු වනදා දක්වා වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදීමේ කටයුතු ද සිදු කරන බවයි විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.

අගොස්තු 1 වනදා වන විට සියලු‍ පිරවුම්හල් හිමියන් කිව් ආර් ක්‍රමවේදය අනුගත විය යුතු අතර, ඉන්ධන නිකුත් කිරීමේ දී කිව් ආර් පහසුකම් සහිත පිරවුම්හල් වෙත ප්‍රමුඛතාව ලබා දෙන බවද ඔහු සඳහන් කළා.

මේ අතර, විදුලි ජනන යන්ත්‍ර, ගෙවතු වගා උපකරණ සහ අනෙකුත් උපකරණ ලියාපදිංචිය සඳහා ද මෙම සතිය තුළ අවස්ථාව ලබා දීමට නියමිත යි.

ත්‍රිරෝද රථ ලියාපදිංචිය පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදෙන අතර සෑම ත්‍රිරෝද රථයකටම නිශ්චිත ඉන්ධන පිරවුම්හලක් වෙන් කෙරෙනු ඇති.

ඩිපෝවලට හෝ පිරවුම්හල්වලට බස් රථ ලියාපදිංචි කටයුතු ප්‍රවාහන අමාත්‍යාංශය හරහා සිදු කිරීමට නියමිතයි.

කිව් ආර් ක්‍රමවේදය යටතේම සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක ඇතුළු සේවා සපයන අංශවලට අදාළ ලියාපදිංචියට අවස්ථාව සැලසෙන්නේ ඉන්ධන පිරවුම්හල් හරහායි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ද දැනට ක්‍රියාත්මක ඉන්ධන ලබාදෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් සංවාදයට බදුන් වී තිබෙනවා.

එහි දී කිව් ආර් ක්‍රමවේදය හැකි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවටයි සියළු දෙනාගේ අදහස් වී ඇත්තේ.

මේ අතර, ඉන්ධන අර්බුදයෙන් අපහසුතාවයට පත්ව සිටින තවත් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු වාර්තා වුණා.

ඒ සීතාවක අපනයන සැකසුම් කලාපය සඳහා අවශ්‍ය දර සැපයීම් සිදු කරන පුද්ගලයන්.

ඔවුන් ඉල්ලා සිටියේ දර කැපීම සඳහා භාවිතා කරන චෙන්සෝ යන්ත්‍ර සඳහා ඉන්ධන ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරදෙන ලෙසයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top