කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්
Monday, 25 July 2022 - 14:11 | Views - 607
බස්නාහිර පළාතේ සහ සෙසු පළාත්වල කොවිඩ් රෝගීන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් -19 පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා.

අද (25) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා කියා සිටියේ, ජනතාව මීට පෙර අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවත අනුගමනය කිරීමට ක්‍රියා කළ යුතු බවයි.

ඒ අනුව මුඛ ආවරණ පැලඳීම, මීටරයේ දුර තබාගැනීම, අනවශ්‍ය සංචරණ සීමා කිරීම හා ජන ඒකරාශීවීම් අවම කිරීම, මුඛ ආවරණ පැලඳීම ආදී වූ සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි වෛද්‍යවරයා මෙහි දී අවධාරණය කළේ.

එසේ ම ව්‍යාප්ත වෙමින් පවතින්නේ, කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙට අදාළ අනු ප්‍රභේදයක් බවත් එය සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත එකක් බවත් වෛද්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා.

කෙසේ නමුත් මේ වන විට ලංකාව තුළ පවතින තත්ත්වය පාලනය කළ හැකි මට්ටමේ පවතින බව ද එහි දී ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

එසේ ම කොවිඩ් මරණ වාර්තා වීමේ සුළු වැඩිවීමක් ද පෙන්නුම් කරන බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

කෙසේ නමුත් රට තුළ දැනට පවතින තත්ත්වය කොවිඩ් රැල්ලක් බවට පත්වීම පාලනය කිරීම සඳහා වන පූර්ණ වගකීම සියලු දෙනා ම සතු බව ද වෛද්‍යවරයා මෙහි දී කියා සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top