QR කේත ක්‍රමය අද දිනයේත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක
Monday, 25 July 2022 - 11:41 | Views - 3,648
ජාතික ඉන්ධන අවසරපත්‍රය හෝ QR කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම තෝරාගත් පිරවුම්හල් කිහිපයක දී පමණක් අද(25) දිනයේදීත් සිදුකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරනවා.
කෙසේ නමුත් ජාතික ඉන්ධන අවසරපත්‍රය හෝ QR කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (25) සිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.
Share This Article