යාපනයේ ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ වර්ජනයක
Monday, 25 July 2022 - 9:55 | Views - 745
යාපනයේ ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ සියල්ලක්ම වර්ජනය කිරීම නිසා රජයේ සේවකයින් පාසැල් සිසුන් ඇතුලු යාපනයේ විශාල පිරිසකට ගමනා ගමන පහසුමක් නොමැතිව ඔවුන් දැඩි ලෙස අපහසුතාවයට පත් වුනා.

යාපනය මධ්‍යම බස් නැවතුම් පල ගේට්ටු හා බාධක යොදා වසා දමා තිබූ අතර බස් නැවතුම්පලට පැමිණි පිරිස බස් රථ නොමැතිකම නිසා බස් නවතුම් පලේ අතරමංවි සිටියා.

යාපනයේ බස් රථ වලට ඉන්ධන බෙදා දීමේදී අක්‍රමිකතා රැසක් සිදුවන බවත් බලධරීන් ප්‍රකාශ කරණ අන්දමට බස් රථ වලට ඉන්ධන නොලැබෙන බවත් කියමින් මෙම බස් රථ වර්ජනය දියත් කොට තිබෙනවා.

වර්ජනයේ නිරත ලංගම සේවකයින් කියා සිටින්නේ යාපනයේ ලංගම බස් රථ වලට වඩා වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික බස් රථ ඇති බවත් ඒවාට ලංගම තෙල්
පිරවුම් හල් වලින් ඉන්ධන නිකුත් කිරීම නිසා ලංගම බස් රථ වලට ප්‍රමාණවත් අන්දමට ඉන්ධන නොලැබෙන බවයි.

පෞද්ගලික බස් රථ හිමියන් පවසන්නේ ඔවුන්ට ලංගම බස් ඩිපෝ වලින් ඉන්ධන ලබා ගැනීමට යමේදී කිසිදු සැලකිල්ලක් නොමැති බවත් පැය ගණන් පෝලිම් වල සිටීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් බස් රථ වර්ජනය නිසා යාපනය නගරයම දැඩි ලෙස පාලුවට ගොස් තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top