ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු, ජනපති හමුව හෙට
Monday, 25 July 2022 - 8:43 | Views - 547

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්විමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට(26) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.කෙසේ වෙතත්, නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම පසුගියදා (22) සිදු කරනු ලැබුවා.එහිදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව අමාත්‍යවරුන් සිය ධුරයන්හි දී දිවුරුම් දීම සිදු කරනු ලැබුවා.කෙසේ වෙතත්, මුලින්ම දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ද හිමි වුණා.ධීවර අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේ ඩග්ලස් දේවානන්දා යි.සුසිල් ප්රේමජය්න්ත්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය හිමිවුණා.ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය හිමිවූයේ ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙතයි.මීට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශය ද බන්දුල ගුණවර්ධන හට හිමිවුණා.සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජල සම්පාදන අමාත්‍යාංශය හිමිවූයේ කෙහෙළිය රඹුක්වැල්ලටයි.මහින්ද අමරවීර හට කෘෂිකර්ම හා වනජීවි, වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයන් ද හිමිවුණා.අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන්නා.හරීන් ප්‍රනාන්දු හට හිමිවූයේ සංචාරක හා ඉඩම් කටයුතු අමාත්‍යාංශයන් ද්විත්වයයි.නාගරික සංවර්ධන හා නිවාස කටයුතු අමාත්‍යාංශයේ වගකීම් හිමිවූයේ ප්‍රසන්න රණතුංග වෙතයි.වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය ධුරයන් ද්විත්වයම වෛද්‍ය රමේෂ් පතිරණ වෙත හිමිවුණා.ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය හිමිවෙද්දී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හිමිවූයේ විදුර වික්‍රමනායක වෙතයි.විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයේ මේ වන තෙක් එහි කටයුතු කළ කංචන විජේසේකර හට හිමිවුණා.නසීර් අහමඩ්ට පරිසර අමාත්‍යාංශය හිමිවුණා.වෙළෙඳ හා වාණිජ කටයුතු, ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස නලීන් රුවන්ජීව දිවුරුම් දුන්නා.ටිරාන් අලස් පත්වූයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසයි.රොෂාන් රණසිංහට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය මෙන් ම වාරිමාර්ග අමාත්‍යාංශය හිමිවුණා.මනූෂ නානායක්කාර වෙත හිමිගැන්වූයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයයි.

Share This Article