QR - ක්‍රමයට ඉන්ධන අද රට පුරා
Monday, 25 July 2022 - 7:38 | Views - 1,492

දීපව්‍යාප්තව අද සිට කිව් ආර් ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. පසුගිය දිනවල එම ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් යටතේ අත්හදා බැලුණු අතර එය සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු බවයි විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.
කෙසේවෙතත් වාහනයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම ඊයේ දිනයේත් සිදු කෙරුණා.
ඇතැම් ජනතාව චෝදනා කළේ දිනයට නියමිත අංකයට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ බවටයි.
මේ අතර වැඩිහිටි හැදුනුම්පත හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉන්ධන ලබා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති රෝහණ ද සිල්වා ප්‍රකාශ කළා.
එමෙන්ම ඉන්ධන පිරවුම්හලකින් අයථා ලෙස ඉන්ධන ලබා ගැනීමට අනුබල දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරු කිරීමේ පුවතක් හෙම්මාතගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හෙම්මාතගම පොලිසියට අනුයුක්තව සේවය කළ අයෙක් බවයි වාර්තා වන්නේ.
ඊයේ දහවල් හෙම්මාතගම ඉන්ධන පිරවුම්හලට පෝලිමට පිටතින් වෑන් රථයක් ඇතුළු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.
පොලිස් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව අදාල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තාවකාලිකව ස්ථාන මාරු කර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.
Share This Article