ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා අභාවප්‍රාප්ත වෙයි
Thursday, 21 July 2022 - 10:57 | Views - 1,325
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.එසේම, දේශපාලන විද්‍යාව පිළිබඳව මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා වන එම්.ඕ.ඒ. ද සොයිසා ව්‍යවස්ථා විශ්ලේෂකයෙකු ලෙස මෙන්ම ලේඛකයෙකු ලෙසද බොහෝ දෙනා අතර ඉතා ප්‍රචලිත චරිතයක්.කෙසේ වෙතත්, මෙරට ප්රමුඛ පෙලේ දේශපාලකයන්ගේ සේම දේශපාලන විද්වතුන්ගේ දේශපාලනය පිළිබඳ ගුරුවරයා වන්නේ ද මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා යි.එසේම, අද දිවුරුම් දුන් නව ජනපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගුරුවරයා ලෙසද , මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා ප්‍රසිද්ධ වී තිබෙනවා. කෙසේ වෙතත්, මියයන්නට දින කිහිපයකට පෙර ඔහු විසින් වත්මන් ජනපතිවරයා ගැන සිය අදහස් මෙසේ සටහනකට ද ගොනුකර තිබුණා.
Share This Article